
(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදුවූ පිපිරීමෙන්තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් එක් සේවකයකු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නව ධර්මපාල මාවත ගල්ඔය, පදිංචිව සිටි යු.ආර්.අසේල චානක විජේතුංග යන සෞඛ්‍ය කාර්ය සහායක බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
සෙසු තුවාල ලැබූ හය දෙනාගෙන් එක් අයෙකු අනුරාධපුර රෝහලෙත්,තුවාල ලැබූ අනෙක් සේවකයින් පොළොන්නරුව මහ රෝහලේත් ප්‍රතිකාර ලබන බව පොලිසියේ පවසයි.
මෙම පිපිරීමෙන් සෞඛ්‍ය කාර්ය සහයකයන් දෙදෙනකු, ආරක්ෂක නිලධාරියකු, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සහ රෝගියකු ළඟ සිටි සාත්තු කරන්නෙකු සහ පිරිසිදු කිරීම් සිදුකරන අයකු, සුපර්වේදියකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා ඇත.
වකුගඩු රෝහලේ මුළුතැන්ගේ ගෑස් කාන්දුවකින් ඇති වූ පිපිරීමක් බව බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පොළොන්නරුව පොලිසිය පවසයි.
මෙම පුරා යෑමත් සමඟ රෝහලේ වාට්ටු කීපයක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් රෝහලෙන් පිටතට ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළහ.
පොළොන්නරුව වකුගඩු රෝහලේ හදිසි පිපිරීම පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් සංවර්ධන හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යය ටී.බී, සරත් මහතා පැමිණ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ මෙම පුපුරා යෑමෙන් රෝහලට සිදු වූ දේපළ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd